covid opsstf 37

×

Warning

JUser: :_load: Unable to load user with ID: 560

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයෙන් ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක්.2018 ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනයට සමගාමීව පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය මගින් සංවිධානය කල ළමා දින සැමරුම් වැඩසටහනක් කොළඹ 02හි පිහිටි පොලිස් දරු පෙර පාසල් පරිශ්‍රයේදී පැවත්විණි.

ලෝක ළමා දිනය නිමිත්තෙන් ගිනිගත්හේන පොලිසියෙන් වැඩසටහන් රැසක්.	2018 ලෝක ළමා දිනයට සමගාමීව පවත්වන ලද සැමරුම් උත්සවයක් පසුගියදා (2018 සැප්තැම්බර් 30) ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

රිය අනතුරින් මියගිය පොලිස් පරීක්ෂකගේ දේහයට පොලිස්පතිතුමා අවසන් ගෞරව දක්වයි.බොරලැස්ගමුව පොලිස් වසමේ වික්‍රමරත්න මාවත අසළදී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් මිය ගිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් පරීක්ෂක ගමගේ අජන්ත ගාමිණි නිලධාරියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 2018.10.01 වන දින බොරලැස්ගමුවේ පිහිටි නිවස වෙත යන ලදී.

ලෝක ළමා දිනයට සමගාමීව ගම්පහ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගෙන් ළමා දින සැමරුම් වැඩසටහනක්.ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනයට සමගාමීව පවත්වනු ලැබූ ළමා දින සැමරුම් වැඩසටහනක් ඊයේ (ඔක්තෝබර් 01) දින ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.

මරණයට කැප වූ ගවයින් පොලිස්පතිතුමන් විසින් නිදහස් කෙරේ. මරණයට කැප වූ ගවයින් දෙදෙනෙකු නිදහස් කිරීමේ පුණ්‍ය කටයුත්තක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් 2018.10.02 වන අද දින පෙරවරුවේ බොරැල්ල කළ්‍යාණ ධර්මාශ්‍රයේදී සිදු කරන ලදී.

පෙර පාසැල් දරුවන් සඳහා ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක්.2018 ඔක්තෝබර් 01 වන අද දිනට යෙදී ඇති ලෝක ළමා දිනයට සමාගාමීව ටයිනි ටොට්ස් පෙර පාසැල් සමූහය, පොලිස් සේවා වනිතා ඒකකය හා පොලිස් පවුල් සුභසාධක සංගමය එක්ව සංවිධානය කල ළමා දින සැමරුම් වැඩසටහනක් පොලිස් සේවා වනිතා ඒකකයේ සහ පොලිස් පවුල් සුභසාධක සංගමයේ සභාපතිනී, පුන්‍යා ශාන්ති ජයසුන්දර මැතිණියගේ ප්‍රධානත්වයෙන් පොලිස් පවුල් සුභ සාධක සංගම් ශ්‍රවනාගාරයේදී සාර්ථක අයුරින් පැවැත්විණි.

“ආවා” කල්ලිය සාමාජිකයින් දෙදෙනෙකු තියුණු ආයුධ සමඟ පොලිස් අත්අඩංගුවට.යාපනය කොට්ඨාසයේ ක්‍රියාත්මක වන “ආවා” කල්ලියට සම්බන්ධ වූ සාමාජිකයින් දෙදෙනෙකු 2018.09.27 වන දින චුන්නාකම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් අනුරුව ස්ථාපිත කිරිම. (Dummy Police Officer)රිය අනතුරු අවම කිරීම සහ විනයාණුකූල රිය ධාවනය ඇති කිරීමේ අරමුණින් පොලිස් අනුරුව ස්ථාපිත කිරිම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 සැප්තැම්බර් මස 29 දින පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්අඩිය හන්දියේ දී සිදුකරන ලදි.

පුත්තලම නගරයට සී.සී.ටී.වීපුත්තලම නගරයේ රථ වාහන විධිමත්ව හැසිරවීම සහ අපරාධ මැඩලීමට තොරතුරු රැස්කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසිය විසින් පුත්තලම නගරයේ සවිකරන ලද සී.සී.ටී.වී කැමරා පද්ධතිය ඊයේ (2018 සැප්තැම්බර් 29) දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් විවෘත කරන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444