covid ops

×

Warning

JUser: :_load: Unable to load user with ID: 560

පෙර පාසැල් දරුවන් සඳහා ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක්.2018 ඔක්තෝබර් 01 වන අද දිනට යෙදී ඇති ලෝක ළමා දිනයට සමාගාමීව ටයිනි ටොට්ස් පෙර පාසැල් සමූහය, පොලිස් සේවා වනිතා ඒකකය හා පොලිස් පවුල් සුභසාධක සංගමය එක්ව සංවිධානය කල ළමා දින සැමරුම් වැඩසටහනක් පොලිස් සේවා වනිතා ඒකකයේ සහ පොලිස් පවුල් සුභසාධක සංගමයේ සභාපතිනී, පුන්‍යා ශාන්ති ජයසුන්දර මැතිණියගේ ප්‍රධානත්වයෙන් පොලිස් පවුල් සුභ සාධක සංගම් ශ්‍රවනාගාරයේදී සාර්ථක අයුරින් පැවැත්විණි.

“ආවා” කල්ලිය සාමාජිකයින් දෙදෙනෙකු තියුණු ආයුධ සමඟ පොලිස් අත්අඩංගුවට.යාපනය කොට්ඨාසයේ ක්‍රියාත්මක වන “ආවා” කල්ලියට සම්බන්ධ වූ සාමාජිකයින් දෙදෙනෙකු 2018.09.27 වන දින චුන්නාකම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් අනුරුව ස්ථාපිත කිරිම. (Dummy Police Officer)රිය අනතුරු අවම කිරීම සහ විනයාණුකූල රිය ධාවනය ඇති කිරීමේ අරමුණින් පොලිස් අනුරුව ස්ථාපිත කිරිම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 සැප්තැම්බර් මස 29 දින පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්අඩිය හන්දියේ දී සිදුකරන ලදි.

පුත්තලම නගරයට සී.සී.ටී.වීපුත්තලම නගරයේ රථ වාහන විධිමත්ව හැසිරවීම සහ අපරාධ මැඩලීමට තොරතුරු රැස්කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසිය විසින් පුත්තලම නගරයේ සවිකරන ලද සී.සී.ටී.වී කැමරා පද්ධතිය ඊයේ (2018 සැප්තැම්බර් 29) දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් විවෘත කරන ලදී.

පොලිස් රෝහල මඟින් පවත්වනු ලැබූ මාසික ධර්ම දේශනාව.පොලිස් රෝහල මඟින් පවත්වනු ලැබූ මාසික ධර්ම දේශනාව කළුබෝවිල ශ්‍රී මහා විහාරවාසී පූජ්‍යපාද තල්ගස්තේ සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් පසුගියදා (2018 සැප්තැම්බර් 24) නාරහේන්පිට පොලිස් රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරේ.පුත්තලම කොට්ඨාසයේ වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍ය ගරු රංජිත් මද්දුම බණ්ඩාර සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2018 සැප්තැම්බර් 29 දින සිදු කරන ලදී.

පොලිස්පති සුරතින් වනාතවිල්ලුව පොලිස් වසමේ අසරණ පවුලක් සඳහා නව නිවසක්.පොලිස්පතිතුමන්ගේ “ගමට පොලිසිය” වැඩසටහන යටතේ පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජේ.ඒ. චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ මෙහෙයවීමෙන් ඉදිකරන ලද නව නිවස අංක 637/03 කරඩිපුවල් ග්‍රාම නිලධාරී වසමේ පදිංචි රේණුකා එදිරිසිංහ මහත්මිය වෙත භාර දීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් 2018 සැප්තැම්බර් 29 වන දින සිදු කරන ලදී.

කටුපොත පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සුරතින් විවෘත කෙරේ.කුලියාපිටිය කොට්ඨාසයේ කටුපොත පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ගරු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් 2018 සැප්තැම්බර් 28 වන අද දින විවෘත කරන ලදි.

5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමට නියමිත දරුවන් සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් පොත් කට්ටලයක්.2019 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත පොලිස් නිලධාරින්ගේ දරු දැරියන් සඳහා කණිෂ්ඨ පොලිස් නිලධාරි සංගමය මඟින් ලබා දෙන “මාස්ටර් ගයිඩ්” පොත් කට්ටල ප්‍රදානය කිරීමේ උත්සවය 2018 සැප්තැම්බර් 27 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කණිෂ්ඨ පොලිස් නිලධාරී සංගම් මූලස්ථානයේදී පැවැත්විණි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444