covid opsstf 37

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථ 03 ක් දොරට වඩි.ශ්‍රි ලංකාවේ පැරණිතම රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා පොලිසිය, එළඹෙන සැප්තැම්බර් 03 වන දිනට යෙදී ඇති 152 වන පොලිස් දිනය අති උත්කර්ෂවත්ව සැමරිමට කටයුතු සංවිධානය කර ඇත. එයට සමගාමිව ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථ 03 ක් එළිදැක්විම 2018 අගොස්තු 30 වන දින පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි සිදුකරන ලදි.

Inspector General of Police participates in 8th Colombo Defence SeminarColombo Defence Seminar – 2018, which is held for the 8th time with the participation of many global experts at the invitation of Sri Lanka Army, commenced yesterday (30th August, 2018) at Bandaranaike Memorial International Conference Hall, under the leadership of Hon. Prime Minister, Mr. Ranil Wickremesinghe.

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට” පොලිසියේ දායකත්වය.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කල “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ජාතික ප්‍රදර්ශනය ඊයේ (2018 අගෝස්තු 29) දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගලදී විවෘත කරන ලදී.

අපරාධ වාර්තා කොට්ඨාසයේදී ලේ දන්දීමේ වැඩසටහනක්.ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි අපරාධ වාර්තා කොට්ඨාසය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2018 අගෝස්තු 27 දින එම කොට්ඨාස පරිශ්‍රයේදී පවත්වන ලදී.

පොලිස් නිලධාරිනියක් දිරිය කාන්තාවක් ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබයි.කාන්තා කළමනාකරණ ආයතනය (Women Leadership) මගින් සංවිධානය කළ Top Women 50 - 2018 සම්මාන උළෙල පසුගිය (07) දා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණි. මෙහිදි 2018 වසරේ හොඳම කාන්තාවන් 50 (Top Women 50 ) අතරට දොම්පේ පොලිස් ස්ථානයට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල් 4242 මංජුලා නිලධාරිනිය පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතාගේ සුරතින් දිරිය කාන්තාවක් ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

පොලිස්පති තුමන් ශ්‍රි දළදා සමිදුන් වැදපුදා ගනී.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 2018 අගෝස්තු 25 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනිමින් මහනුවර ප්‍රදේශයේ තවත් පූජනීය ස්ථාන කිහිපයක් වන්දනාමාන කරන ලදි.

විශ්‍රාමික පොලිස් නිලධාරීන් වෙත නොමිලේ ඇස් කණ්නාඩි.ඇස් කණ්නාඩි අවශ්‍ය විශ්‍රාමික පොලිස් නිලධාරීන් 104 දෙනෙකු වෙත නොමිලේ ඇස් කණ්නාඩි බෙදා දීම 2018 අගෝස්තු 24 දින බම්බලපිටිය පිහිටි පොලිස් පවුල් සුභසාධක සංගම් ශාලාවේදී සිදුකරන ලදී.

03ජාතික පොලිස් අභ්‍යාස ආයතනයන සදහා නව පරිපාලන ගොඩනැගිල්ලක් ඉදි කිරිමට මුල් ගල තැබීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018.08.23 වන දින පෙරවරු 07.38 ට යෙදුන සුභ මොහොතින් කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

රුවන්වැල්ල පොලිසියෙන් ජංගම වෛද්‍ය සායනයක්.රුවන්වැල්ල පොලිස් ස්ථානය මඟින් සංවිධානය කරන ලද ජංගම වෛද්‍ය සායනයක් පසුගිය (06) දා දවස පුරා අංක 102 C, උඩකණුගල, ශ්‍රී නන්දාරාම විහාරස්ථාන ධර්මශාලාවේදි පවත්වන ලදි.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444