covi 1ops roommedia

1තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.09.13 වන දින රාත්‍රී 07.45 ට පමණ දික්වැල්ල පොලිස් වසමේ වලස්ගල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 අවියක්, වායු රයිෆලයක් හා පතරොම් 04 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන දික්වැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

1කතරගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.09.13 වන දින සවස 05.05 ට පමණ කතරගම පොලිස් වසමේ පුංචිදඹේ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

1කහවත්ත විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.09.13 වන දින දහවල් 01.40 ට පමණ කහවත්ත පොලිස් වසමේ වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කහවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

05පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට උප පොලිස් පරීක්ෂකවරුන් ලෙසින් වෛද්‍ය ශිෂ්‍යයන් 10 දෙනෙකු පොලිස් සේවයට බඳවාගැනීමෙන් පසු ඔවුනට අවුරුදු 06 ක පරිවාස කාලයකට යටත්ව සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨියේ වෛද්‍ය විද්‍යාව පිළිබද විධිමත් පාඨමාලාවක් හදරා ඉන් අනතුරුව පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයට අනුයුක්තව පොලිස් රෝහලේ වෛද්‍යවරුන් ලෙස රාජකාරි යෙදවීමට කටයුතු කර ඇත.

1කල්මුණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.09.14 වන දින උදෑසන 11.30 ට පමණ කල්මුණේ පොලිස් වසමේ තුරෛනීලවනී කලපුවේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන ඇත. මෙම අවියේ කොටස් දිරා යෑමට ලක්ව ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. කල්මුණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

012020 සැප්තැම්බර් 03 වන දිනට යෙදී තිබූ 154 වන පොලිස් දිනයට සමගාමීව පවත්වන ලද සැමරුම් උත්සවයක් පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් සේරම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නාරහේන්පිට පොලිස් රෝහලේදී පවත්වන ලදී.

12020.09.11 වන දින රාත්‍රී 11.00 ට පමණ පූගොඩ පොලිස් වසමේ තුත්තිරිදෙනිය, ලුණුගම ප්‍රදේශයේදී පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ අවියක් හා කඩුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පූගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.