මෝදර පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ දින (2020.09.07) සවස 05.15 ට පමණ මෝදර පොලිස් වසමේ නාගලගම වීදියේදී නීති විරෝධී ලෙස බලපත්‍ර රහිතව මත් පෙති 18,900 ක් අඩංගු පෙට්ටි 189 ක් කුඩා ලොරි රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව අද දින (2020.09.08) අළුයම 03.00 ට පමණ කල්පිටිය පොලිස් වසමේ පාලවිය, කල්පිටිය මාර්ගයේ පාලන්තුඩාව හන්දියේදී වැටලීමක් සිදු කර නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ඇති බවට සැකකරන රත්‍රං කිලෝ 10 ක් (බිස්කට් හා පටි ලෙස සකස් කල) වැගන්-ආර් වර්ගයේ මෝටර් රථයක ආසනය යට සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගෙන ඇති අතර මෙම මෝටර් රථයේ රියදුරු හා මෝටර් රථයද අත්අඩංගුවට ගෙන ඇත.
2020 සැප්තැම්බර් 03 වන දිනට යෙදුණ 154 වන පොලිස් දිනයට සමගාමීව පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ නිලධාරීන් විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් 2020 සැප්තැම්බර් 02 වන දින රුවන්වැල්ල ශ්‍රී සෝමරතන වැඩිහිටි නිවාසය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ සංවිධානයෙන්, ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ ස්ථරය වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමඟ පොලිසියේ අභිවෘද්ධිය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 154 වන පොලිස් දිනය යෙදී තිබූ 2020.09.03 වන අද දින පස්වරු 0300 ට පොලිස් මූලස්ථානයේ පොලිස්පති සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පැරණිතම රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා පොලිසිය අද දින 154 වැනි සංවත්සරය අභිමානවත්ව සමරන අතර, ඒ වෙනුවෙන් පොලිස් මූලස්ථාන සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2020.09.03 වන අද දින වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ බිම් මහලේ පිහිටි සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
වර්ෂ 1866 ක්වූ සැප්තැම්බර් මස 03 වන දින, විධිමත්ව නෛතික රාමුවක් තුල ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පොලිසිය, 154 වන පොලිස් දිනය අද ඉතා අභිමානවත්ව සමරනු ලබයි. ඊට සමගාමිව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, බස්නාහිර පළාත හා රථවාහන මගින් සංවිධානය කරන ලද බස්නාහිර පළාතේ පාසල් 10ක පුස්තකාල සඳහා පොත් ප්‍රධානය කිරීමේ උත්සවය 2020.09.03 වන අද දින වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගංඟාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී...