top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



සිදුකල සේවයකට පොලිස්පතිගෙන් විශේෂ ත්‍යාගයක්. PDF Print

2018.03.07 වන දින අපරාධ වාර්ථා කොට්ඨාශ ශ්‍රවණාගාරයේදී පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති 2018 වර්ශයේ පොලිස් ත්‍යාග ප්‍රධාන උත්සවයේදී පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද විශිෂ්ඨ රාජකාරී අගයමින් නිලධාරීන්හට ත්‍යාග හා ප්‍රසංසා  පිමිනමන ලදී.

මෙම උත්සවයේදී දැනට කෑගල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන කාන්තා පොලිස් සැරයන් 1176 ජයවර්ධන නිලධාරිණිය විසින් ඉටුකරන ලද විශිෂ්ඨ රාජකාරියක් වෙනුවෙන් ගරු පොලිස්පතිතුමා විසින් සුවිශේෂි ත්‍යාග මුදලක් එම නිලධාරිනිය වෙත පිරිනමන ලදී. 
 
1998 වර්ෂයේ ජනවාරි 25 වන දින කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ලෝකවාසි බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළඳා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ දොරටුව ඉදිරිපිට වාහන බෝම්බයක් පුපරුවා හරින ලදි.

එම අවස්ථාවේ කාන්තා බැතිමතුන්ගේ ශරීර පරීක්ෂා කරමින් නිරායුදව රාජකාරියේ යෙදී සිටි එවකට ශ්‍රී දළඳා මාලිගාව පොලිස් ස්ථානයට අනුයුතක්තව රාජකාරී කරමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල් 1176 ජයවර්ධන (වර්ථමානයේ කාන්තා පොලිස් සැරයන්) නිලධාරිණිය වේගයෙන් මාලිගාව දෙසට පැණෙන වාහනයක් සම්බන්ධයෙන් සැක පහලවීමත් සමග එම වාහනයේ පැමිණි පුද්ගලයින් ගිනිඅවි රැගෙන මාලිගාව දෙසට දිව එනවා දැක වහාම ක්‍රියාත්මක වී එම නිලධාරිණිය තම ජීවිතය ගැනද නොතකා දළඳා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ දොරටුවේ ගේට්ටුව ඉබි යතුරු දමා වසා දැමීමට කටයුතු කර ඇත.   

නිලධාරිනිය විසින් සිදුකරන ලද එම වික්‍රමාන්විත ක්‍රියාව හේතුවෙන් ධන්ත ධාතූන් වහන්සේ අභියස සිදුවීමට ගිය මහා විනාශයක් වලක්වා ගැනීමට හැකිවිය.

මෙම නිර්භීත ක්‍රියාව සිදුවී වසර 20 කට පසු මේ සම්බන්ධව වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අවධානය යොමුවී එම වීර ක්‍රියාව සිදුකල වර්ථමානයේ කෑගල්ල මූලස්ථාන පොලිසියට අනියුක්තව රාජකාරී කරනු ලබන කාන්තා පොලිස් සැරයන් 1176 ජයවර්ධන නිලධාරිණිය වෙත රුපියල් ලක්ෂ 05 ක ත්‍යාග මුදලක්, වැටුප් වර්ධකයක් සමග පොලිස්පති ප්‍රසන්සාවක්ද පොලිස්පතිතුමා විසින් පිරිනමන ලදී.

සිදුකල සේවයකට පොලිස්පතිගෙන් විශේෂ ත්‍යාගයක්.

 

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,